බප/පිළි/ ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

වාර්ෂික ත්‍යාග ප්‍රදානය 2023

IMG-20231126-WA0085 1.jpg
IMG-20231126-WA0085 1.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

යූ. සුනිලා රංජනී මිය

බස්නාහිර පළාතේ පිළියන්දල අධ්‍යාපන කලාපයේ කැස්බෑව කොට්ඨාසයේ හොරණ -කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා පිහිටා ඇති බප/පිළි ධර්මසේන ආටිගල බාලිකා විදුහල දිනෙන් දින දියුණුවට පත්වන පාසලකි. මේ වනවිට විෂය, විෂය සමගාමී හා විෂය භාහිර අංහවලින් ජයග්‍රහණ ලබමින් තම කීර්තිය සිරිලක පුරා විහිදුවාලීමට සමත් වි තිබීම සැබවින්ම ආඩම්බරයකි.

එමෙන්ම අප පාසල මේ වනවිට තොරතුරු තාක්ෂණ අංශයෙන් ද විවිධ ජයග්‍රහණ ලබා ඇත. 21 වන සියවසේ ඉගෙනුම ලබන සිසුන් වශයෙන් මේ වනවිට තොරතුරු තාක්ෂණය පිළිබඳව ඔවුන් සතු දැනුම පුපුරා යන මට්ටමකට පත්ව තිබීම සතුටට කරුණකි. එසේම එම දැනුම යහපත වෙනුවෙන්ම යෙදවීමේ කාර්යයට මූලික දායකත්වයක් සැපයීමේ කාර්යයභාරය පාසල සතු වගකීමක් වශයෙන් මා දකිමි. අප විද්‍යාලය සමඟ සන්නිවේදන කටයුතුවල යෙදෙන බොහෝ පාර්ශව ඇත. එම කාර්යය ඉතා කෙටි කාලයක් තුල වඩා ඵලදායීව සිදුකර කැනීමට මෙන්ම පාසල සතු සියලු දත්ත එකම ස්ථානයක ඵලදායීව කේන්ද්‍රගත කිරීමට හැකිවන පරිදි මෙම වෙබ් අඩවිය ස්ථාපනය කිරීම මහඟු අත්වැලකි. 

මෙම කාර්යය වඩා ඵලදායීව ඉටුකර ගැනීමට විදුහල්පතිතුමිය ඇතුලු අප සියලු දෙනාටම ශක්තිය හා ධෛර්යය ලැබේවා යි පතමු.

යූ. සුනිලා රංජනී මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/පිළි ධර්මසේන ආටිගල බාලිකා විදුහල .